
බොරැල්ල වෝඩ් පෙදෙසේ පිහිටි හෝටලයක අද (23) රාත්රියේ ගින්නක් හටගෙන තිබේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 4ක් යොදවා ඇති බව වාර්තා වේ.
ගින්න ඇතිවූ අවස්ථාවේ එම හෝටලය තුළ විදේශිකයින් තිදෙනෙකු සිට ඇති අතර ඔවුන් මුදාගත් බව බොරැල්ල පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම එහි සිටි තවත් කිහිප දෙනෙකු ගින්නේ දුම ආඝ්රාණය වීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.
ගින්නට හේතුව හෝ සිදුව ඇති දේපළ හානිය පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නැත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.