
සංගීතේ ටෙලිඩ්‍රාමා එකත් එක්ක, කාගෙත් ආදරේ දිනූ යුවතිය,,, ගීත්මා බණ්ඩාර.
ගීත්මා බණ්ඩාර කියනවටත් වඩා, ඈව කවුරුත් හඳුනන්නෙ 'අසේනි' නමින්.
ඒ තරමට සංගීතේ ඇගේ චරිතයට ආදරේ කරන්නවුන් සෑහෙන්න.
කලා කටයුතුවලින් එහාට, ගීත්මා ගැන මේ දවස්වල සමාජ මාධ්‍යයේ වැඩි කතාබහක් දක්නට ලැබෙනවා.
ඒ ඇගේ ප්‍රේමය බිඳ වැටීමත් එක්ක. මේ ගැන ගීත්මා ප්‍රසිද්ධියේ ම කතා කරලත් තිබුණා.
රසඳුන පුවත්පත සමඟ කළ කතාබහකදීත්, තමන් මේ වෙද්දි පෙම්වතියක් නොවන වග ගීත්මා මේ විදියට කියලා තිබුණා.
''මම මුල් වතාවට මේ කියන්නේ, දැන් මම පෙම්වතියක් නෙවෙයි. ඉතින් ජීවිතේ සමහර තැන්වලදි බලාපොරොත්තු කඩ වෙනවා. ආදරේ කියන තැන්වලදි අපි රැවටෙනවා. ආදරේ මේ විදියට මට ලැබෙයි කියලා දරුණු විදියට විශ්වාස කරපු අයගෙනුත් ඒ විශ්වාසය බිඳ වැටුණට පස්සෙත් මම හිනාවෙලා සතුටින් ඉන්නවා. ඒ නිසා මේ වෙලාවේ ආදරේ නෙවෙයි මම කාලය දීලා තියෙන්නෙ මගේ කලා නිර්මාණවලට''
ඒ විතරක් නෙවෙයි, සමාජ මාධ්‍ය තුළත් ඇය විවිධ පෝස්ට් ඔස්සේ ප්‍රේමය බිඳවැටීම ගැන ඉඟි පළකරලා තිබුණා.
ඒ වගේම ඒවාට වැටෙන කමෙන්ට්ස්වලටත්, ඇත්තට ම වුණේ මොකක්ද කියලා ගීත්මා කියලත් තිබුණා.
ගීත්මා බණ්ඩාර කියන්නෙ, මීට ඉහත ඇගේ ආදරවන්තයා ගැන සෑහෙන්න කතාබහ කළ රංගන ශිල්පිනියක්.
ඇගේ ප්‍රේමවන්තයා ව්‍යාපාරිකයෙක් කියලත් ඇය සඳහන් කරලා තිබුණා.
ඒ විතරක් නෙවෙයි, සිය විවාහය ගැනත් ඇය උන්නෙ ලස්සන හීනයක...
”මම එයත් එක්ක යාලු වුන මුල් කාලේ වෙඩින් එක ගැන හිතන් හිටියා. අපිට ඕන වුණේ අපේ වෙඩින් එක වෙනස් විදියකට කරන්න. සිංහරාජ වනාන්තරේ උස කන්දක අවුට් ඩෝර් නිදහස්ව ගන්න හිටියේ. එන කට්ටියට කොට කලිසම් තමයි අදින්න කියලා තිබුණේ කූඩැල්ලො ඉන්න නිසා. නමුත් කොට කලිසම් අදිනවට කට්ටියක්ගේ ගෙවල් වලින් අකමැති වුණා. බලමු දැන්නම් කිසිම ප්ලෑන් එකක් නෑ. ඒත් වෙනසක් කරන්න බලන් ඉන්නේ.”