
මාධ්‍ය සාකච්ජාකදී මුස්ලිම් සහ සිංහල ජනයා අතර අසමගියක් ඇතිවන අන්දමින් ප්‍රකාශයක් සිදු කළ බව කියන සිද්ධියට අදාලව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් මාස 09ක සිර දඬුවම මහාධිකරණයෙන් ස්ථීර කර ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (07) දන්වා සිටියා.
ඒ මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුවක් අද (07) කියවාදෙමින්.
මහේස්ත්‍රාත් අධිකරණයය මගින් ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් මහාධිකරණය මැදිහත්වීමට අවශ්‍ය නොවන බවද මහාධිකරණ නඩු තින්දුවේ සදහන් කර ඇති බවයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් මාස 09ක සිර දඬුවම නිශ්ප්‍රභ කරන ලෙසට ඉල්ලමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මහාධිකරණය හමුවේ අදාල තීන්දුව අභියෝගයට ලක්කරමින් කොළඹ මහාධිකරණයේ අභියාචනයක් ගොනු කර තිබුණා. එම අභියාචනා තීන්දුව අද (07) උන්වහන්සේ ඉදිරියේ කියවා දුන් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වුණා.
එම අභියචනය නිෂ්ප්‍රභ කරන බවද එම මහාධිකරණ තින්දුවේ සදහන්ව තිබුණා.
අදාල චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඉකුත් 2025 වසරේ ජනවාරි මස 09 වැනිදින මාස 9 ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 1500 ක දඩ මුදලක් නියම කර තිබුණා.
මෙම නඩුව අද (07) කැඳවු අවස්ථාවේදි සැකකාර හිමිනම බන්ධනාගාර නිලධාරීන් විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබුණා.
මෙම නියෝගය කියවා දීම සදහා චුදිත හිමිනම පෙර නඩු දිනයේ දී අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මෙම අධිකරණයෙන් පෙර නඩු දනයේ දී වරෙන්තු නිකුත් කර තිබුණා.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී චුදිත හිමිනම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දගොඩ සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ද අභියාචනයක් මෙම නියෝගය සම්බන්ධයෙන් යොමු කර ඇති බවයි.
එම ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචන සම්බන්ධයෙන් ලබන පෙබරවාරි 23 කරුණු සලකා බැලීමට නියමිත බවයි නීතීඥවරයා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේ.
ඒ අනුව සැකකාර හිමිනම වෙනුවෙන් අධිකරණය පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ පවසා සිටියේ එම ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉල්ලුම් පත්‍රයක් යොමු කර ඇති බවයි.
ඒ අනුව එම ශ්‍රේෂ්ඨාධිකරණයේ එම අභියාචනය සම්බන්ධයෙන් කරුණු සලකා බලන තෙක් කඩුව පෙබරවාරි 25 යළි කැඳවිමට න්යෝග කළා.
එදිනට සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරිමට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.