
සෞදි අරාබියේ ගුවන් තොටුපළ දෙකක් ඉලක්ක කරමින් හූති සංවිධානය විසින් එල්ල කළ බවට පැවසෙන ප්රහාරවලින් සිවිල් වැසියන් තිදෙනකු මියගොස් තවත් 36 දෙනකු තුවාල ලබා ඇතැයි සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා සාමාන්ය අධිකාරිය (GACA) පවසයි.
අබ්හා ජාත්යන්තර ගුවන් තොටුපළ සහ රියාද්හි කිං ඛාලිද් ජාත්යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කර ගනිමින් අඟහරුවාදා සහ බදාදා වෙන වෙනම ප්රහාර දෙකක් එල්ල වී ඇති බව සඳහන් වේ.
අබ්හා ජාත්යන්තර ගුවන් තොටුපළට එල්ල වූ ප්රහාරයෙන් මොරොක්කෝ ජාතික කාන්තාවක් සහ ඇල්ජීරියානු ජාතික කාන්තාවක් මියගොස් ඇති අතර, තවත් පුද්ගලයන් 28 දෙනකු තුවාල ලබා තිබේ.
රියාද් අගනුවර පිහිටි කිං ඛාලිද් ජාත්යන්තර ගුවන් තොටුපළට එල්ල වූ ප්රහාරයෙන් සුඩාන ජාතිකයෙකු මියගොස් ඇති අතර, තවත් අට දෙනකු තුවාල ලබා ඇත.
එම තුවාල ලැබූවන් අතර සෞදි ජාතිකයන් පස් දෙනකු ද සිටින බව GACA සඳහන් කරයි.
ගුවන් තොටුපළවලට සිදුව ඇති හානි තක්සේරු කිරීමටත්, මගීන්ගේ සහ සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්ය සියලු පියවර ගැනීමටත් අදාළ ආරක්ෂක බලධාරීන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බව GACA පවසයි.
මේ අතර, සෞදි නායකත්වයෙන් යුත් සන්ධානයේ ප්රකාශක මේජර් ජෙනරාල් තුර්කි අල්-මලිකි පවසා ඇත්තේ රියාද් නගරයට උතුරින් පැමිණි බැලස්ටික් මිසයිලයක් සාර්ථකව වල්ක්වා විනාශ කළ බවයි.