
ඉන්දීය ක්රිකට් තාරකාව වන ස්මෘති මන්දනා සහ සංගීත නිර්මාපක - චිත්රපට නිෂ්පාදක පලාෂ් මුචල් ගේ මංගල උත්සවය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වී තිබෙනවා.
මන්දනාගේ කළමනාකරු තුහින් මිෂ්රා විසින් මෙම පුවත තහවුරු කරමින් කියා සිටියේ ඇයගේ පියා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් පවුලේ අය විසින් මෙම උත්සවය කල් දැමීමට තීරණය කළ බවයි.
මෙම විවාහ උත්සවය මෙම ඉරිදා සංග්ලිහිදී පැවැත්වීමට නියමිතව තිබුණා.