
ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් ජෝර්දානයේ ස්ථානගත කර තිබූ එක්සත් ජනපද ප්‍රහාරක යානා ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරනවා. කෙසේ වෙතත්, මීට පෙර ජෝර්දාන හමුදාව නිවේදනය කළේ එල්ල වූ ඉරාන මිසයිල තුනක් තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් වෙඩි තබා බිම හෙළූ බවයි. මේ අතර ඔමානයේ ගනිම් (Ghanim) ප්‍රදේශයේ පිහිටි එක්සත් ජනපද ගුවන් පාලන රේඩාර් පද්ධතියක් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පිහිටි ඇමරිකානු සමුද්‍ර නිරීක්ෂණ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඉරානයේ IRGC පවසනවා. IRGC නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙය ඉරානය ක්‍රියාත්මක කරමින් සිටින ප්‍රතිප්‍රහාර මාලාවේ 13 වැනි අදියර වන අතර, එම මෙහෙයුම “දැඩි අධිෂ්ඨානයෙන් අඛණ්ඩව ඉදිරියට යන බවයි". එමෙන්ම, හෝර්මුස් සමුද්‍ර සන්ධිය තවදුරටත් IRGC නාවික බලකායේ පූර්ණ පාලනය යටතේ පවතින බවද එම නිවේදනය කරනවා.