
ගැටුම් නිමා කිරිමට අමරිකාව සහ ඉරානය අතර ඇතිවු අවබෝධතා ගිවිසුම අත්හිටවු බව ඉරානය පවසනවා. ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ ඉරාන තාක්ෂණික සාකච්ඡා කණ්ඩායමේ ප්‍රධානී කාසෙම් ගරිබාබාඩි (Kazem Gharibabadi) පවසන්නේ, එක්සත් ජනපදය අවබෝධතා ගිවිසුමේ (MoU) සියලු වගකීම් උල්ලංඝනය කර ඇති බැවින්, එම ගිවිසුම ප්‍රායෝගිකව අත්හිටවු බවයි. "එක්සත් ජනපදය අවබෝධතා ගිවිසුම (MoU) යටතේ තිබූ සියලු බැඳීම් කඩ කර ඇති අතර ඒවා අත්හිටුවා ඇති බවයි... ඒ අනුව, අපිද අපගේ සියලු බැඳීම් සහ ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටවනු ලැබුවා... මේ මොහොතේ අපගේ ප්රමුඛ කාර්යය වන්නේ රට ආරක්ෂා කිරීමයි." යනුවෙන් ඔහු ප්‍රකාශ කරනු ලැබුවා. ඉරාන බලධාරීන් ඇමරිකාව අවබෝධතා ගිවිසුම (MoU) උල්ලංඝනය කළ බවට චෝදනා කළද, ගිවිසුම අවසන් වී ඇති බව සහ එහි කිසිදු වගන්තියක් තවදුරටත් ක්‍රියාත්මක නොකරන බව නිල වශයෙන් ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙයයි.