
ආපදා තත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සදහා ඉන්දියානු වෛද්‍යවරුන්, හෙද හෙදියන්, උපස්ථායකයින් සහ ජංගම ආරෝග්‍යශාලා 02ක්, රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයකින් ඊයේ (02) පස්වරුවේ දිවයිනට පැමිනියා. ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් බෝතල් කළ ජලය, කූඩාරම්, බ්ලැන්කට්, මෙට්ට, ඉවුම් පිහුම් උපකරණ සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් C – 17 වර්ගයේ දෙවැනි ගුවන් යානය ඊයේ (02) දින පස්වරුවේ දිවයිනට ලඟා වුණා. මෙම පරිත්‍යාගයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහන කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය හමූද් අල් අෆාරි විසින් නිල වශයෙන් රජය වෙත භාර දෙනු ලැබුවා. පළමු මානුෂීය ආධාර තොගය ඊයේ (02) අළුයම මෙරටට ලැබුණා.