
මෙවර විශ්ව රූ රැජින කිරුළ (Miss Universe 2025) දිනාගැනීමට මෙක්සිකෝව නියෝජනය කළ Fatima Bosch සමත් වුණා.
එහි දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් හිමිවූයේ තායිලන්තය සහ වෙනිසියුලාවටයි.
තායිලන්තයේ පැවති මෙවර විශ්ව රූ රැජින තරගය, එහි 74 වන සංස්කරණය සනිටුහන් කළා.
මෙවර තරගය වඩාත් කතාබහට ලක්වූ එකකි.
එනම් තරගය නීතිරීතිවලට පටහැනි බවට චෝදනා ලද අතර, විනිසුරුවන් පවා ඉන් ඉවත්වූ බවට තොරතුරු වාර්තා විය. එමෙන්ම ජයග්‍රාහිකාව ලෙස කිරුළු පැළඳි මෙක්සිකෝ රූ රැජින ද තරගය තුළ වඩාත් කතාබහට ලක්වූ තරගකාරියකි.
විදෙස් මාධ්‍ය වාර්තා කළ පරිදි, තරගය තුළ එක් අවස්ථාවකදී තරගයේ අධ්යක්ෂවරයෙක් විසින් ප්‍රසිද්ධියේ බැන වැදී තිබුණේ ,මෙක්සිකෝ තරගකාරියටයි.
ඒ, ඇය ප්‍රමාණවත් ප්‍රවර්ධන අන්තර්ගතයන් පළ නොකිරීම සම්බන්ධයෙනි.
ප්‍රසිද්ධියේ බැන වැදීමෙන් පසු ඇය සභාවෙන් ඉවත්ව ගිය අතර ඇයත් සමඟ තවත් තරගකාරිනියන් පිටව යන ලදී.
පසුව අදාළ අධ්යක්ෂවරයා ද මෙක්සිකෝ තරගකාරියගෙන් ප්‍රසිද්ධියේ සමාව ගෙන තිබිණ.