
ගන්දර පොලිස් වසමට අයත් අක්කර 18 ප්රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් 16 හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ (09) දින රාත්රියේදී මෙම සිදුවී ඇති බව වාර්තා වන බවත් තියුණු ආයුධ ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ බාලවයස්කරු තලල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙම බාලවයස්කරු සහ තවත් පිරිසක් අතර මීට පෙර පැවති ආරවුලක් දුරදිග යාම මෙම ඝාතනයට හේතු වී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ දෙවිනුවර ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 16ක් පමණ වන අයෙකි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගන්දර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.