
මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්රමික බලකායේ (බන්ධ පොලිස් )
නිලධාරීන් 10 ක් සහ රැඳවියන් 21 ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර
අධිකරණය හමුවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නඩුව විභාගය සහ දඬුවම්
නියම කිරිම වලක්වාලන නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට
නිකුත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ අංශයේ
ප්‍රධාන පොලිස් පරික්ෂක කරුණාතිලක මහතා අද (16) මීගමුව මහෙස්ත්‍රාත්
අධිකරණයෙන් ඉල්ලිමක් කළා.
එකම සිද්ධියක් සම්බන්ධයෙන් නඩු විභාග දෙකක් පවත්වා දඬුවම් නියම කිරිම
සුදුසු නොවන බවත් මේ නඩුව දැනට පවරා විමර්ශන සිදු කෙරෙන බැවින්
බන්ධනාගාර අධිකරණය සිදු කිරීමට නියමිත නඩු විභාගය අවශ්‍ය නොවන බව
එහිදී කරුණාතිලක මහතා පෙන්වා දුන්නා.
එලෙසම ඉදිරි දිනයේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා ද
නඩුවට කරුණු දැක්වීමක් කරන බවද කරුණාතිලක මහතා සඳහන් කළා.
එහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය සඳහන් කලේ, බන්ධනාගාර
පනත ප්‍රකාරව ඊට බන්ධනාගාරයට බලය ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සොයා
බලා ඉදිරි දිනයේදී ඊට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන බවයි.
එහිදී කරුණාතිලක මහතා ඉල්ලා සිටියේ බන්ධනාගාරයට සිදුවු හානිය
සම්බන්ධයෙන් අපරාධ ස්ථානය පිළිබඳව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ
ඩ්‍රෝන පරික්ෂනයක් සිදු කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
ඉකුත් 05 සහ 06 යන දෙදින මීගමුව බන්ධනාගාරය තුළ සිදුවු සිද්ධිය
සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ අංශයේ
සහකාර පොලිස් පරික්ෂක කලුආරච්චි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර
වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්විමක් කරනු ලැබුවා.
සංජු දිල්රුක්ෂාන් නැමති සිද්ධියෙන් ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ මරන
පරික්ෂනයේ සාක්ෂි කැඳවීම 7/11 දින මලිගාකන්ද අධිකරණය හමුවේ පැවැත්
වු බවත් එහිදී සිරුරෙන් සෙයා ගත් උණ්ඩ කොටසක්, ඇඳුම් සහ ලේ සාම්පල
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී මහෙස්ත්‍රාත්වරිය නියෝග කලේ එම නඩු භාණ්ඩ නිසි ලෙස නඩු භාණ්ඩ
කාමරයේ තැන්පත් කරන ලෙසයි.
පෙර දිනයේ නියෝග පරිදි සිද්ධියෙන් මිය ගිය සම්පත් පුෂ්පකුමාර ,හර්ෂ ප්‍රියංකර ,
සහ දනිඳු හෂ්මික යන අයගේ මරන පරික්ෂන වල සාක්ෂි කැඳවිම සිදු කළා.
එහිදී මිය ගිය අයගේ ඥාතීන් වන සුරංජි ප්‍රනාන්දු , නිරුපා රෝෂානි මනෝජ්
ප්‍රියංගික, නිමාලි ශිරන්ති, ජයලත් පෙරේරා යන අය සාක්ෂි ලබා දුන්නා.
නිලධාරීන් ඇතුළු 287 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව අපරාධ
පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් (14) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා
සිටියා.
එහීදි එම නිලධාරීන් සඳහන් කලේ සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගන්නා සියලුම
සැකකරුවන්ට මිනි මැරුම් චෝදනා යටතේ, ගිනි අවි අඥා පනත යටතේ සහ
පොදු දේපල පනත යටතේ නඩු පවරන බවයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113, 146, 186, 300, 315, 316, 317, 344 සහ
ඉහත පනත් යටතේ වැරදි සිදුව ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර
සිටියා.
නිලධාරීන් ඉල්ලා සිටි සියලුම නියෝග මහෙස්ත්‍රාත්වරිය විසින් නිකුත් කරනු ලැබුවා.
ඉදිරිපත් වු සියලු කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරිය විමර්ශන ප්‍රගතිය 23 වැනිදා
ඉදිරිපත් කරන ලෙසත් ජාතික රෝහලේදී මිය ගිය රැඳවියාගේ සහ නිලධාරීන්
දෙදෙනාගේ මරන පරික්ෂණ සම්බන්ධයෙන් හා මෙතෙක් සාක්ෂි කැඳවා නැති මරන
සම්බන්ධයෙන් සාක්ෂි කැඳවීමට සුදානම් කරන ලෙස අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට
නියෝග කළා.
බන්ධනාගාර වෙනුවෙන් සැරයන් මුදිත රොහාන් මහතා පෙනී සිටි අතර එහිදි සියලු
රැඳයන්ගේ වෛද්‍ය වාර්තා ලබා ගැනීමට නියෝගයක්, නිකුත් කරන ලෙස
ඉල්ලා සිටියා.
එම නියෝගය ජුලි 09 දින නිකුත් කර ඇති බව දැනුම් දුන්නා.
මාරු කළ රැඳවියන් සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන
ලෙස ද මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාරයට නියෝග කළා.
එහිදී ඒ සම්බන්ධයෙන් සංඛ්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කල බවත් සවිස්තරාත්මක
වාර්තාව ඉදිරි දිනයේ දි නිකුත් කරන බව බන්ධනාගාරය සඳහන් කළා.