
දිවයිනට බලපෑ ස්වභාවික ආපදා තත්වය හේතුවෙන් හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය සැපයීමට අදාළව සංචාරක කර්මාන්තයේ අවශ්‍යතාවය සඳහා සහ හෝටල් සඳහා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රමාණවත් ශීත කළ එළවළු (Frozen Vegetables ) ඉදිරි මාස 2ක් සඳහා ආනයනයට අවශ්‍ය ඉඩ ලබා දීමට ඊයේ (01) පැවති ආහාර සුරක්ෂිතතා කමිටුවේදී තීරණය වූ බව වෙළෙඳ අමත්‍යාංශය සදහන් කරයි.