
බම්බලපිටිය දුම්රියපොළ පාරේ පවත්වාගෙන යනු ලබන රාත්‍රී සමාජ ශාලාවක් වටලා එහි නීති විරෝධීව බලපත්‍ර රහිතව මත්පැන් අලවිකිරීමේ ජාවාරමක් වටලා තිබෙනවා.
පොලිසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර තිබෙන්නේ. ඒ ඊයේ රාත්‍රිය කාලයේදී. බලපත්‍ර රහිතව මෙහි ගබඩා කර තිබූ දේශීය සහ විදේශීය මත්පැන් බෝතල් 45 කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබුණා.
මෙම රාත්‍රී සමාජ ශාලාව විදේශගතව සැඟව සිටින පාතාල අපරාධකරුවෙකු බවට සැලකෙන චමිල නමැත්තා බලහත්කාරයෙන් පවත්වාගෙන යන බවටයි තොරතුරු වාර්තා වන්නේ. එම සංවිධානාත්මක අපරාධකරු විදේශ රටක සැඟව සිටියද ලංකාවේ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ඔහුගේ නම යොදාගෙන ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් ද ලබාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ලබනවා.