
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 82,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 82,011 කි.
ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන පරිදි මේ දක්වා කාලය තුල පුද්ගලයින් 61 දෙනෙකු ඩෙංගු රෝගය නිසා ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ වන විට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 17,395 කි.
දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම රෝගීන් සංඛ්‍යාව 16,294 ක් වේ.
එමෙන්ම වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති පළාත් ලෙස බස්නාහිර පළාත තවදුරටත් ඉදිරියෙන් පවතින අතර වසරේ මේ දක්වා බස්නාහිර පළාතෙන් වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 43,388 කි.
දෙවැනියට දකුණු පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර එම පළාතෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 12,419 ක් බව ඩෙංගු මර්ධන ඒකකය වැඩි දුරටත් සදහන් කරයි.
එමෙන්ම දිවයින පුරා ඩෙංගු රෝගය පැතිර යන අධි අවදානම් කලාප 175ක් පවතින බවද ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.