
හොරණ නගරයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ස්ථානයක හිමිකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ නර්තනගල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය 15g 250mg මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ජංගම දුරකථනයක්, සිම්පතක් සහ මත්ද්‍රව්‍ය කිරා බැලීමට භාවිත කරන ඉලෙක්ට්‍රොනික තරාදියක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරු හොරණ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු වන බවට ද අනාවරණය වී ඇත.
නිලධාරීන් ඔහුගේ නර්තනගල පිහිටි නිවසට ගිය අවස්ථාවේදී ඔහු පලා යාමට උත්සාහ දරා ඇති බවද සඳහන්.
කෙසේවෙතත් අදාළ සැකකරුට මීට පෙරද මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා කිහිපයක් එල්ල වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතය.
එමෙන්ම ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වන්නේ ද, ඔහු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් ක්‍රියාත්මක වන්නේ ද යන්න සහ උපකාරක පන්තිවලට පැමිණෙන දරුවන්ට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළේ ද යන්න පිළිබඳව ද සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.