
චීන ජාතිකයෙකු සතු රු. කෝටි 2ක මුදලක් කොල්ලකෑ බව කියන සිද්ධියේ සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු වන අනුද ජනාදිත් සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකු ඇප මත නිදහස් කිරීමට අධිකරණය අද (27) නියෝග කළා.
ඒ, විදේශ ගමන් තහනමක් ඇතුළු දැඩි ඇප කොන්දේසි මතයි.
සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
කොළඹ, කොල්ලූපිටිය ප්‍රදේශයේදී චීන ජාතිකයෙකු සන්තකයේ තිබූ රුපියල් කෝටි දෙකකට අධික මුදලක් කොල්ලකන ලදැයි කියන සිද්ධියකට අදාළව කොල්ලුපිටිය පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණ.