
ශ්රී ලංකාව, සිම්බාබ්වේ සහ සත්කාරක පාකිස්ථානය එකිනෙකා ගැටෙන පන්දුවාර 20 තුන්කොන් තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් අද (22) ක්රියාත්මක වූ පාකිස්ථාන - ශ්රී ලංකා කණ්ඩායම් අතර තරගයත් පරාජයට පත් වීමට ශ්රී ලංකා කණ්ඩායමට සිදුවුණා.
ඒ පාකිස්ථාන කණ්ඩායමට කඩුළු 07ක ජයක් අත්කර දෙමින්.
ලකුණු 129ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානුවන් පන්දුවාර 15.3ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 131ක් රැස් කර ගැනීමට සමත් වුණා.