රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගැනිම පිටුපස දේශපාලනික කාරණයක් තිබෙන බවට
සමගි ජන බලවේගය චෝදනා කරනවා.
සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (25) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මේ බව සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.....
‘‘රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අඩ සියවසක වගේ කාලයක් ලංකාවේ දේශපාලනයේ විවිධ වගකිම් දරපු පුද්ගලයෙක්...ඔහු ජනාධිපතිවරයෙක් , අගමැතිවරයෙක් , විපක්ෂ නායකවරයෙක් , ඇමැතිවරයෙක් ලෙස දේශපාලනයේ විවිධ වගකිම් දරා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අඩ සියවසක කාලය තුළ ඔහු දරපු විවිධ වගකිම් හරහා ඔහු රට තුළ සුවිශේෂි කාර්යය භාර්යයක් සිදුකළ පුද්ගලයෙක්... වර්තමාන රජය ක්‍රියාත්මක කිරීමට උත්සහ දරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට පුරෝගාමී වුණ.. ඒ වගේම විද්‍යාපීඨ නිර්මාණය කළ... තරුණ සේවා සභාව නිර්මාණය කළ... කර්මාන්ත කලාප බිහි කිරීමට මූලික වුණ පුද්ගලයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හඳුන්වා දෙන්න පුලුවන්...කෙසේ නමුත් ඔහු දරපු වගකිම් වල සුවිශේෂි කාර්යය භාර්යයක් ඉටු කළ රාජ්යත්රාන්ත්රිකයෙක්... ඒ වගේම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා සමඟ දුෂ්කර කාලයකදී සමීපව ඉතාම විශ්වාසවන්තව රජය පාලනය කිරීමට නායකත්වය දුන්න පුද්ගලයෙක්... ඒ වගේම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට පත් වී තිබෙන ඉරණම පිළිබඳව සමගි ජනබලවේගය ලෙස අප පක්ෂයට විශාල කම්පනයක් තිබෙනවා....
ඒ වගේම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ලංකාවේ දේශපාලනය තුළ සුවිශේෂි සංදිස්ථානයක් සනිටුහන් කරන සිදුවීමක්...එවැනි සිදුවිම් දෙස බැලිය යුත්තේ දේශපාලනිකවයි. ඒ වගේ රනිල් වික්‍රමසිංහ මහතා අනුර දිසානායක ජනාධිපතිවරයා පිළිබඳව කැමැත්තෙන් සිටි පුද්ගලයෙක්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා අනුර දිසානායකව විශ්වාස කළා..ඒ වගේම අනුර දිසානායක කියන ජනාධිපතිවරයා නිර්මාණය වෙන්නත් රනිල් වික්‍රමසිංහ මහත්තයා විශාල දායකත්වයක් ලබා දුන්නා.... රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා දක්ෂ දේශපාලනයේ බොහෝ අද්දැකිම් තිබෙන පුද්ගලයෙක්..... නමුත් ඔවුන්ටත් යම් අවස්ථාවලදී ඔවුන් ගන්න දේශපාලන තින්දු තීරණ වරදින්න ඉඩකඩ තිබෙනවා.... ඒ වගේම අනුර දිසානායක කියන්නේ කවුද කියන බව තේරුම් ගත්තේ දැන් බව රනිල් වික්‍රමසිංහ මහතාගේ හඩ පටයකත් සඳහන් වෙලා තිබුණා...කෙසේ නමුත් දේශපාලනයේදී එවැනි වැරදි සිදුවෙන්න ඉඩ තිබෙනවා.
කෙසේ නමුත් දේශපාලනයේ සිටින අනෙකුත් පුද්ගලයන් මෙවැනි දේවල් නැවත අත්විඳිය යුතු නැහැ... ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවුණ සිදුවිම හරහා බොහෝ දේවල් ඉගෙන ගැනීමට තිබෙනවා... ඒ වගේම කවුරුන් හෝ නීතිය ඉදිරියේ වරදක් කර තිබෙනවානම් ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගත යුතුයි... ඒ සම්බන්ධයෙන් අපි කිසිදු විවේඡනයක් ඉදිරිපත් කරන්නේ නැහැ... ඒ වගේම යම් කිසි පුද්ගලයෙක් වරදක් කර තිබෙනවානම් ඒ සඳහා සාධාරණ පරීක්ෂණයකින් පසුව නීතිය ක්‍රියාත්මක කරන්න අදාල අංශ කටයුතු කළ යුතුයි.
ඒ වගේම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා බව.. අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ජනාධිපතිවරයා සහ රාජ්‍යයට සම්බන්ධ පාර්ශ්ව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්න පෙර ප්‍රකාශ කර තිබුණා... ඒ වගේම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට ගොනු කර තිබෙන චෝදනාවේදී නීතිපති දෙපාර්තමේන්තුව විධිමත් පරික්ෂණයක් හෝ කරුණු විමසිමක් සිදුකර නැහැ... ඒ වගේම ජනාධිපතිවරයාගේ රාජකාරී මොනවාද ? රජකාරි නොවන දේවල් මොනවාද ? යන්න පිළිබඳව අර්ථ නිරුපණයක් නැති බව ජාතික ජනබලවේගයේ නිතිඥවරු ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳව විශාල සැකයක් මේ වනවිට මතු වී තිබෙනවා.
ඒ වගේම ටිල්වින් සිල්වා විසින් ප්රජාතන්ත්රවාදයට විශාල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා... ඒ වගේම ලංකාව අවුරුදු 30 ක් වත් පාලනය කළ යුතු බවට උපදෙස් ලැබුණ බව ටිල්වින් සිල්වා ප්‍රකාශ කරනවා... ඒ වගේම ආණ්ඩු බලය ලැබුණාට රාජ්‍ය බලය ලැබුණේ නැති බවත් එය ලබාගත යුතු බවත් ටිල්වින් සිල්වා ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් මේ හරහා මොවුන් ගමන් කරන්නේ ප්රජාතන්ත්රවාදි ක්‍රියාවලියකට නෙවෙයි... ඔවුන් කතා කරන්නේ තනි පක්ෂ පාලනයක් පිහිටුවිම පිළිබඳව... නමුත් ප්රජාතන්ත්රවාදී පාලනයක් රට තුළ පිහිටුවන බවයි මැතිවරණයට පෙර ප්‍රකාශ කළේ.
ඒ වගේම යු ටියුබ් කරුවෙකු වන සුදත්ත තිලකසිරි රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනිමට පෙර ඒ බව ප්‍රකාශ කර තිබුණා... ඔහු ඉන්පසුව ප්‍රකාශ කළා ඒ බව දැන ගත්තේ විශ්ව බලයෙන් කියලා... රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනිම පිළිබඳව තොරතුරු දැන ගත්තේ නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන චෝදනා මත බව විශ්ව බලයෙන් තොරුතුරු ලැබුණ බව කියන යු ටියුබ් කරුවෙකු වන සුදත්ත තිලකසිරි නැවත ප්‍රකාශ කරනවා... කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව සකස් කර තිබෙන නඩුවේ බී වාර්තාව සකස් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සකස් කළ බී වාර්තාව සුදත්ත තිලකසිරි දැනගෙන සිටියාදැයි අපිට සැකයක් මතුවෙනවා.... කෙසේ නමුත් යු ටියුබ් කරුවෙකු වන සුදත්ත තිලකසිරි මේ හරහා ආණ්ඩුව අපහසුතාවයට පත් කරනවා.
ඒ වගේම යු ටියුබ් කරුවෙකු වන සුදත්ත තිලකසිරි ආණ්ඩුව සමඟ එකතුවෙලා සිදුකරන්න යන දේ පිළිබඳව දැන ගත යුතුයි... ඒ වගේම අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව ඔහු විවිධ ප්‍රකාශ කරනවා... ඔහු නඩු වාර්තා දකිනවා. බී වාර්තා දකිනවා... ඒ වගේම ඔහු කොළඹ ජාතික රෝහලට කතා කරලා රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවත් විමසිමක් සිදුකරලා තිබෙනවා... ඒ වගේම හිටපු ජනාධිපතිවරයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ යු ටියුබ් කරුවෙකු වන සුදත්ත තිලකසිරි විස්තර අහලා ඒ බව රටට ප්‍රකාශ කරනවා... එවැනි දෙයක් යු ටියුබ් කරුවෙකු වන සුදත්ත තිලකසිරි සිදුකරන්නේ කෙසේද? ඒ අනුව යු ටියුබ් කරුවෙකු වන සුදත්ත තිලකසිරිට මෙවැනි බලයක් ලැබුණේ කොහෙන්ද කියලා අපිට බරපතල සැක මතුවෙනවා.
රටේ තිබුණ නීතිය හිතුවක්කාර කල්ලියක් විසින් පාලනය කරන තත්ත්වයක් අද රට තුළ දකින්න ලැබෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාගේ , අගමැතිවරියගේ හිතවත්භාවයක් තිබෙන බව ඇතැම් පුද්ගලයක් සමාජ ගත කරන්න උත්සහ දරනවා... කෙසේ නමුත් මෙම ක්‍රියාවලියට එරෙහිව සියලුම දෙනා පෙල ගැසිය යුතුයි.
ඒ වගේම සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකුගේ කටයුතු පුද්ගලික සහ රාජකාරි කටයුතු කියලා වෙන් කිරීම නොහැකියි... ජනාධිපතිවරයා විදේශ ගත වෙනවානම් ඔහු යටතේ තිබෙන අමාත්‍යාංශවල වගකිම් වෙනත් ඇමැතිවරයෙකුට පවරන්න හැකියාව තිබෙනවා... නමුත් ජනාධිපතිධුරය වෙනත් පුද්ගලයෙකුට පවරන්න හැකියාවක් නැහැ... ඒ නිසා රටක ජනාධිපතිවරයෙක් ලෝකයේ කොහේ හිටියත් ඔහු අදාල රටේ ජනාධිපතිවරයා. ඒ වගේම ජනාධිපතිවරයාගේ එම කටයුතු සම්බන්ධයෙන් නිතිමය විග්‍රහයක් ලංකාවේ නැති බව ජාතික ජනබලවේගයේ නීතිඥවරුම ප්‍රකාශ කළා.... ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා ගොස් තිබෙන්නේ පෞද්ගලික කටයුත්තක් සඳහා බව දිලිප පීරිස් මහතා ප්‍රකාශ කළා... ඒ නිසා මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් තිබෙන නීතිමය තත්ත්වය පිළිබඳව අධිකරණය තිරණය කළ යුතුව තිබෙනවා... දිලිප පීරිස් මහතාගේ තර්කය අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරය හරහා මුදල් අවභාවිතා කර තිබෙනවානම් අනුර දිසානායක ඇතුළු බොහෝ පිරිසකගේ දේවල් අවභාවිතාවන් බවට පත් වෙනවා... ඒ වගේම මෙම සිද්ධිය හරහා ඉදිරියේදී රටට බලපාන අතුරු ප්‍රතිඵල ගණනාවක් තිබෙනවා.
ඒ වගේම රනිල් වික්‍රමසිංහට අත්වුණ මෙම ඉරණම සාධාරණ දෙයක් නොවන බව බොහෝ දෙනෙක් මේ මොහොතේ සිතනවා... ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගැනිම පිටුපස දේශපාලනික කාරණයක් තිබෙන බව හොදින්ම පැහැදිලි වෙනවා... එවැනි වාතවරණයදී රටේ සියලුම විපක්ෂ කණ්ඩායම් එකතු වී තිබෙනවා... ඒ වගේම විවිධ හේතු නිසා එක්වී වැඩ කරන්න අකමැති පිරිස් සමඟත් අපිට වැඩ කරන්න සිදුවෙනවා... ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවුණාට පසුව සුලු සුලු කාරණා වලට වඩා ජාතිකමය වශයෙන් තිබෙන අභියෝගය දෙස බොහෝ දෙනෙකු සැලකිලිමත් වෙනවා... ඒ නිසා බොහෝ දෙනෙකු ප්රජාතන්ත්රවාදයට එරෙහි කාරණයේදී සටන් කරන්න බොහෝ දෙනෙකු තිරණය කර තිබෙනවා... එක අරමුණක් වෙනුවෙන් දේශපාලන පක්ෂ එකතු වෙලත් සටන් කරනවා වෙන වෙනමත් සටන් කරනවා... කෙසේ නමුත් දේශපාලන පක්ෂ ලෙස එකට සටන් කිරිමට හැකි කාරණාත් තිබෙනවා..... නැති කාරණාත් තිබෙනවා.