
ඇද හැළෙන අධික වැසි හමුවේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුර පිලිබඳ රතු නිවේදන නිකුත් කොට තිබෙනවා.
මහනුවර පස්බාගේ කොරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, අරණායක, දැරණියගල, මාවනැල්ල හා යටියන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර,අඹගමුව හා නෝවුඩ් යන ප්‍රදේශවලට නායයෑමේ රතු නිවේදන නිකුත් කොට තිබෙනවා.
පසුගිය පැය 24 තුළ මෙම ප්රදේශවල්ට මිලි මිටර් 150 ඉක්මවා වර්ෂාපතනයක් ලැබි ඇති බැවින්, වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ **අනතුරු වලින් වැලකීමට ආරක්ෂිත ස්ථානයකට යන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනෙවා. **
කොළඹ - පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, තවලම හා නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බුලත්සිංහල, පාලින්දනුවර හා වලල්ලාවිට මහනුවර - ගඟ ඉහළ කොරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය හා කෑගල්ල, මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස හා පිටබැද්දර, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට හා පැල්මඩුල්ල සහ නුවරඑළියේ තලවකැලේ යන ප්‍රදේශවල නායයෑමේ අවදානමක් පවතින බවට හඳුනාගෙන ඇති ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිට අවශ්‍ය වුවහොන් ආරක්ෂාකාරී තැනකට යාමට සුදානම් වන ලෙස දැනුම් දෙනවා.
පසුගිය පැය 24 තුළ මෙම ප්රදේශවල්ට මිලි මිටර් 100 ඉක්මවා වර්ෂාපනනයක්
ලැබි ඇති බැවින්, වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩා වැටීම්,
ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීමේ සහ පස් කණ්ඩි කඩා වැටීම් ආදිය පිලිබඳ
අවධානයෙන් සිටන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්
දෙනෙවා.
කොළඹ - සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ නියගම, බද්දේගම, ගම්පහ - මීරිගම කළුතර - ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත හා යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, වරකාපොල හා රුවන්වැල්ල, මාතර දිස්ත්‍රික්කයේ ' කොටපොල, පස්ගොඩ හා අතුරලිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කලවාන හා ඇලපාත යන ප්‍රදේශවල නායයෑමේ අවදානමක් පවතින බවට හඳුනාගෙන ඇති ප්‍රදේශවල ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස දැනුම් දෙනවා.