
අරලගංවිල වයි හන්දිය ප්රදේශයේදී වන අලි ප්රහාරයකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (20) අලුයම අරලගංවිල පොලිස් වසමේ වයි හන්දිය ප්රදේශයේදී වන අලි ප්රහාරයකට ලක්වූ පුද්ගලයෙකු අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට අරලගංවිල පොලිසිය දැනුවත් කොට තිබෙනවා.
මියගිය පුද්ගලයා පිඹුරත්තෑව ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කළා.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මරණකරු වෙළෙඳසැලකට යමින් සිටියදී මෙම වන අලි ප්රහාරයට ලක්ව ඇති බවයි.