
කොටහේන පොලිස් වසමේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් 14 වැනිදා කොටහේන පොලිස් වසමේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (19) ග්‍රෑන්ඩ්පාස්, කොලොන්නාව සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවලදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඉන් සැකකරුවන් දෙදෙනෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28යි මිලිග්‍රෑම් 600ක් සොයාගෙන ඇති අතර, ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19, 25 සහ 39 යන වයස්වල පසුවන අතර, ඔවුන් මට්ටක්කුලිය,කොළඹ 14 සහ කොලොන්නාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරනවා.
ඝාතනය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන මන්නා පිහියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.