
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (20) අලුයම ලද රහසිගත තොරතුරකට අනුව ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී සිදුකළ විශේෂ වැටලීමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී සැකකාරිය සතුව තිබී දුම්වැටි 28,000ක් (කාටූන් 140ක්) ගුවන්තොටුපල පොලිසිය භාරයට ගනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවකි.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.