
ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත්,
මැදපෙරදිග කලාපය පුරා පවතින සියලුම ඇමරිකානු යටිතල
පහසුකම්වලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරාන හමුදාව අනතුරු
අඟවනවා.
ඉරාන හමුදා ප්‍රකාශක එබ්‍රාහිම් සොල්ෆගාරි නිකුත් කළ ප්‍රකාශයක
සඳහන් කළේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ
යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට කළ තර්ජන
කර ඇති බවත් එය ක්‍රියාත්මක කළහොත්, මෙතෙක් ඉරානයේ සංයමය
හේතුවෙන් ආරක්ෂා වී ඇති කලාපීය යටිතල පහසුකම් දැඩි ප්‍රහාරවලට
ලක්විය හැකි බවයි.

එමෙන්ම, හෝර්මුස් සමුද්‍ර සන්ධියට ඇමරිකාවට කිසිදු ආකාරයකින් මැදිහත් වීමට ඉඩ නොදෙන බවද සොල්ෆගාරි අවදාරනය කර ඇත. මේ අතර,පසුගියදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරානය නැවත සාකච්ඡා සඳහා නොපැමිණියහොත් ඉරනයේ විදුලි බලාගාර සහ පාලම් ඇතුළු යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි.