
කළුතර උතුරු පොලිස් වසමේ වඩිය මන්කඩ ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
අද (14) පස්වරු 7.50ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇතැයිද වෙඩි තැබීමෙන් අවුරුදු 32 හැවිරිදි අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද ඔහුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.
පොලීසිය පැවසුවේ 9mm වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.