
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බටුවත්තේ චාමර නැමැත්තාගේ බිරිඳට අයත් ජා - ඇල, ශාන්ත ආනාපාරේ පිහිටි නිවසකට වෙඩි ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, අද අලුයම 1.20ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
අදාළ නිවස වෙනත් පිරිසකට කුලියට ලබා දී තිබූ අතර, මීට පෙර දෙවතාවක්ම එම නිවසට වෙඩි ප්රහාර එල්ල වී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බටුවත්තේ චාමර නැමැත්තා මේ වනවිට විදේශගතවයි පසුවන්නේ.