
ශ්රී ලංකාව, සිම්බාබ්වේ සහ සත්කාරක පාකිස්ථානය එකිනෙකා ගැටෙන පන්දුවාර 20 තුන්කොන් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්රී ලංකාව සමත් වුණා.
ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ දී ශ්රී ලංකාව තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.
තරගය ශ්රී ලංකා වේලාවෙන් අද (20) පස්වරු 06.30 රාවල්පිණ්ඩි ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.