අද (05) පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට තද සුළං තත්වයක් බලපා තිබෙනවා. අපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ මේ හේතුවෙන් නිවාස රැසකට අර්ධ හානි සිදුවී ඇති බවයි. අනුරාධපුර,ගලෙන් බිදුනු වැව,කැකිරාව,රාජාංගනය,කැඹිති ගොල්ලෑව,හොරොව්පතාන පලුගස්වැව සහ කහටගස් දිගිලිය යන ප්‍රදේශවලට මෙම තද සුළං තත්වයෙන් බලපෑම් එල්ලවි ඇති බව අපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා. මෙම ප්‍රදේශවල නිවස 64 ක් අර්ධ වශයෙන් හනියට පත්ව තිබෙනවා,
අනුරාධපුර නිවාස 32 ක්, ගලෙන් බිදුනු වැව නිවාස 12 ක්, කැඹිති ගොල්ලෑව නිවාස 08 ක්, කහටගස් දිගිලිය නිවාස 07 ක්,හොරොව්පතාන නිවාස 02 ක් සහ කැකිරාව,රාජාංගනය හා පලුගස්වැව යන ප්‍රදේශවල නිවස බැගින් අර්ධ වශයෙන් හනියට පත්ව තිබෙන බව අපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.