
කොළඹ දිසා අධිකරණය මඟින් සුදත්ත තිලකසිරි හට වාරණ නියෝගයක් පනවා තිබෙනවා.
ඒ, හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් සුදත්ත තිලකසිරිට එරෙහිව පවරන ලද නඩුවක් අද (30) දින කොළඹ දිසා අධිකරණ අංක 01 හි කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එහිදී පැමිණිලිකාර මනූෂ නානායක්කාරගේ නීතිඥයින් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සදුන් විතානගේ මහතා විසින් සුදත්ත තිලකසිරිට එරෙහිව මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවා.
ඒ, මනූෂ නානායක්කාරට එරෙහිව සෘජුව හෝ වක්‍රව අපහාස වන අයුරින් ප්‍රකාශයන් පළ කිරීම මෙන්ම කුමන ආකාරයක හෝ අපහාසාත්මක කටයුත්තක් සිදු කිරීම වළක්වාලමින්.
පැමිණිලිකාර හිටපු අමාත්‍යවරයා වෙනුවන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ අලී සබ්රී මහතා පෙනී සිටියා.
නඩුව එළඹෙන අගෝස්තු මස 07 වන දින යලි කැඳවීමට නියමිතයි.