
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය ආරම්භ වීමෙන් අනතුරුව, මෙරටට බොරතෙල් රැගෙන ආ පළමු නෞකාව අද (17) සාර්ථකව කොළඹ වරායට පැමිණි බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඉන්දියානු නැව් සංස්ථාවට අයත් 'දේශ් මහිමා' (DESH MAHIMA) නම් වූ මෙම නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ තිබෙනවා.
මෙම නෞකාව මගින් බොරතෙල් මෙට්‍රික් ටොන් අනූ හත්දාස් පන්සීයක (97,500) ප්‍රමාණයක් මෙරටට රැගෙන විත් ඇති අතර, නෞකාව වරායට සේන්දු වීමෙන් අනතුරුව, එහි අඩංගු බොරතෙල් තොගය නළ මාර්ග ඔස්සේ සපුගස්කන්ද පිරිපහදු මධ්‍යස්ථානය වෙත සම්ප්‍රේෂණය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කළා.