
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන්ව සිටින අයට ආධාර ලබා දෙන බව පවසමින් බලශක්ති අමාත්‍යවරයා සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස පෙනී සිට, ව්‍යාජ ලේඛන සකස් කර ආධාර එකතු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ පරිගණක අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සුදේශ් නලින්ද අල්විස් නැමැති සැකකරු ලබන 20 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (06)නියෝග කළා. සැකකරු කැසිනෝ ක්‍රීඩාවල නියැලෙන්නෙක් බවත් ඔහුගේ පුද්ගලික ගිණුමට සහ කැසිනෝ ගිණුම් වලට මුදල් ලැබී ඇති බවට සිදු කළ විමර්ශනවලින් අනාවරණය වන බව කොළඹ පරිගණක අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේය. මේ වනවිට රුපියල් ලක්ෂ පහක මුදලක් ලැබී ඇති අතර ඩුබායි සිටින ව්‍යාපාරිකයන් රැසකගෙන් මුදල් ලබා ගෙන ඇති බවට විමර්ශන අනාවරණය කළ බවත් කියා සිටි කොළඹ පරිගණක අපරාධ කොට්ඨාශය මෙම වංචාවට හිමිවරුන් දෙනමක් සම්බන්ධ බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශන කරන බවත් සඳහන් කළා. වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය මේ බව කියා සිටියා. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයා කියා සිටියේ සැකකරු කිසිදු මුදලක් ගෙන නැති බවය. සාක්ෂි වලට බලපෑම් කිරිමට සැකකරුට හැකියාවක් නැති බව කියා සිටි කොළඹ පරිගණක අපරාධ කොට්ඨාශය සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් ඉදිරි දිනට පෙර විමර්හන අවසන් කරන ලෙසත් සැකකරු ලබන 20 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කළා.