
මුදල් විශුද්ධීකරණ පනත යටතේ දූෂණය නමැති වරදක් කිරීම සම්බන්ධයෙන්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ
හිටපු අමාත්‍ය සී.බී.රත්නායක මහතා ලබන 16 වනදා දක්වා රක්ෂිත
බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා
අද (02) නියෝග කළා.
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම
සඳහා ඔහු අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව
වෙත කැඳවා තිබූ අතර එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට
ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නා.
රුපියල් ලක්ෂ 573 ට අධික මුදලක් අයථා ලෙස ඉපයු බවට අල්ලස් පනතේ අංක
23 (අ) (1) වගන්තිය යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ
වත්කම් විමර්ශන අංශය විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව, ක්‍රීඩා
අමාත්‍යංශය, පුද්ගලික ප්‍රවාහන අමාත්‍යංශය සහ පශු සම්පත් අමාත්‍යංශය යන
අමාත්‍යංශයන්ගේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ලද රත්නායක මුදියන්සේලාගේ
චන්ද්‍ර සිරි බණ්ඩාර රත්නායක යන අය මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ
සැකකරු වෙනුවෙන් නීතිඥ තිශ්‍ය වේරගොඩ මහතා ප්රමුඛ නීතිඥ මඩුල්ල සිදු කළ
ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනි.
සැකකරු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම මෙසේ කියා සිටියේය 2015 මාර්තු
මාසයේ ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කළ බවත් 2011මාර්තු 31 සිට 2013 මාර්තු
31 දක්වා ආදායම් වියදම් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන අනුව පසුගිය වසර
9 තුළම තොරතුරු ලබා දී නොමැති බවයි
මේ විමර්ශන 2025 තෙක් සිදු කර තිබෙනවා.... මේ කාලය තුළ අත්පත් කරගත් දේපල
සම්බන්ධයෙන් විමසීම් කළත් තොරතුරු ලබා නොදුන් නිසා පසුගිය ජුනි 02 දා හේතු
දැක්වීමේ නියෝගයක් නිකුත් කරා.... ඒ අනුව සැකකරු උපයා ඇති ආදායම රුපියල්
ලක්ෂ 573 කට අධිකයි.... ආදායමට වඩා වියදම වැඩි වීම තහවුරු කිරීමට ඔහු අසමත්
වී තිබෙනවා... මෙය සංඥේය වරදක්... ඇප දිය නොහැකි වරදක්.... තවත් ප්‍රකාශ
ගණනාවක් ගත යුතුය.... වසර 9 ආසන්න කාලයක් වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා
ගත යුතුය.... වත්කම් ලෙස අංක 78 රාගල හල්ග්රන්ඩ ඔය ඉඩමක් මිලට ගැනීම අලෙවි
කිරීම,NBR and Sons නම් හවුල් ව්‍යාපාරයේ තීරුබදු රහිත වාහන බලපත්‍ර අලෙවි
කිරීමෙන් මුදල් ලැබුණු බවත් ඩුබායි සංචාර සඳහා සහෝදර සහෝදරියන් සදහා ලබාදුන්
මුදල්, හිතවත් ඥාතීයෙක් ලබා දී ඇති රුපියල් කෝටියක මුදල,... මියගිය සහෝදරයා
දුන් බව කියන රුපියල් කෝටියක මුදල සම්බන්ධයෙන් ප්‍රකාශ දී තිබෙනවා.... තවත්
මහනුවර පිහිටි රුපියල් ලක්ෂ 70 ඉඩම සහ නිවස... නුවරඑළිය පිහිටි රුපියල් කෝටි
4 වටින අක්කරයක නිවස සහ ඉඩම, රුපියල් ලක්ෂ 64 වටිනා ටොයොටා ජීප් රථය ඇතුළු
වත්කම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට තිබෙනවා යැයි අල්ලස් කොමිසම කියා සිටියා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිශ්‍ය වේරගොඩ මහතා මෙසේ කරුණු දක්වනු
ලැබුවා...
මගේ සේවා දායකයා විමර්ශන වලට බාධා කර නැහැ.... භාර්යාව හෝ ඥාතීන් කිසිදු
බලපෑමක් කර නැහැ.... වාහනය විකුණා මුදල් යෙදවීම සම්බන්ධයෙන් ප්‍රකාශ දී තිබෙනවා.
ඉල්ලා ඇති සියළු තොරතුරු අපි දී තිබෙනවා.... වසර 12 ඉක්ම ගිය තොරතුරු බැංකු
වාර්තා පවා ලබා ගැනීමට අපහසුයි.... තවත් ප්‍රකාශ සටහන් කරන්න 28 එන්න කිව්වා....
අපි ආවා.... වසර 12 ඉක්ම ගිය සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි බලපෑම් කරයි කියලා
හුදු සැකයක් ඇති කිරීම ද්වේශසහගත යි.... ඇප නොදීම තරම් කරුණු ඉදිරිපත්ව නැහැ.
ඔහු දේශපාලනඥයෙක්.... වලපනේ විශාල ආපදා තත්ත්වයක් ඇතිව තිබෙනවා.... ඒ අයට
සහාය විය යුතුය.... සියළු මුදල් සම්බන්ධයෙන් තොරතුරු දී තිබෙනවා.... බැංකු ණය පවා
ආදායම් ලෙස ගණනය කරලා"
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන සිදු කිරීමට සාධාරණ කාලයක්
අවශ්‍ය බව කියමින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉදිරි දින අධිකරණයට
වාර්තාවක් ගොනු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.