
වෝග් ජුවලර්ස්හි නව සන්නාම තානාපති කුමාර් සංගක්කාර
ශ්‍රී ලාංකේය අනන්‍යතාවය, විශිෂ්ටත්වය සහ ජාත්‍යන්තර කීර්තිය නියෝජනය කරන ප්‍රමුඛතම නාම දෙකක් වන වෝග් ජුවලර්ස් සහ ලෝක ප්‍රකට ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර අතර සුවිශේෂී හවුල්කාරිත්වයක් ආරම්භ වී තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වර්ණාභරණ සන්නාමයක් වන වෝග් ජුවලර්ස්, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අතිශය ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයක් වන කුමාර් සංගක්කාර මහතා සිය නිල සන්නාම තානාපතිවරයා (Brand Ambassador) ලෙස පත්කරයි.
දශක හයකට අධික කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය, උසස් ශිල්පීය නිපුණත්වය, නවෝත්පාදනය සහ ගුණාත්මකභාවය මත සිය නාමය ගොඩනඟාගත් වෝග් ජුවලර්ස්හි ඉදිරි ගමනට මෙම හවුල්කාරිත්වය නව පරිච්ඡේදයක් එක්කරනු ඇත.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළම සාර්ථකත්වයන් අත්කරගත් සංගක්කාර මහතා, ක්‍රීඩා ක්ෂේත්රයෙන් ඔබ්බටද විනය, නායකත්වය, ස්ථාවරත්වය සහ උසස් ප්රමිතීන් වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍ර වූ චරිතයකි.
එම ගුණාංග වෝග් ජුවලර්ස් සන්නාමයේ මූලික වටිනාකම් සමඟද සමීපව බැඳී පවතී.
කුමාර් සංගක්කාර මහතා වෝග් ජුවලර්ස් පවුලට එක්කර ගැනීමට හැකිවීම මහත් අභිමානයක් බව මෙම හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දක්වමින් වෝග් ජුවලර්ස්හි කළමනාකාර අධ්යක්ෂ අනුර හේමචන්ද්‍ර මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර තලයේ ඔහු ලබා ඇති අතිවිශිෂ්ට ජයග්‍රහණ මෙන්ම, ඔහුගේ නාමය ගොඩනඟා ඇති විනය, ගෞරවනීයත්වය සහ ස්ථාවරත්වය අප සන්නාමයේ මූලික වටිනාකම් සමඟ ඉතා මැනවින් බද්ධ වන බව වෝග් ජුවලර්ස්හි කළමනාකාර අධ්යක්ෂ අනුර හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලාංකේය ස්වර්ණාභරණ ශිල්පීයත්වය ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත රැගෙන යාම සඳහා වෝග් ජුවලර්ස් මේ වන විට සිය ගෝලීය ව්‍යාප්තියද වේගවත් කරමින් සිටී.
එහි කොටසක් ලෙස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පූර්ණ පහසුකම් සහිත ප්‍රදර්ශනාගාරයක්ද විවෘත කර තිබේ.
ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් දිනා සිටින සංගක්කාර මහතා වෝග් ජුවලර්ස් සමඟ එක්වීම, ශ්‍රී ලාංකේය ස්වර්ණාභරණ කර්මාන්තයේ අනන්‍යතාවය සහ වෝග් ජුවලර්ස් සන්නාමයේ ජාත්‍යන්තර ගමන තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි සමාගම විශ්වාස කරයි.
මෙම සන්ධානය මගින් අවධාරණය කෙරෙන්නේ සැබෑ විශිෂ්ටත්වය යනු එක් ජයග්‍රහණයකට හෝ සම්මානයකට පමණක් සීමා නොවී, කාලයත් සමඟ ගුණාත්මකභාවය, විශ්වාසය සහ උසස් ප්රමිතීන් අඛණ්ඩව පවත්වාගෙන යාමෙන් ගොඩනැගෙන වටිනාකමක් බවයි.