
ඉරානයේ ඉලක්ක වෙත එල්ල කළ නවතම ගුවන් ප්‍රහාර මාලාව
සාර්ථකව අවසන් කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන
මූලස්ථානය් (CENTCOM) නිවේදනය කරනවා.
ඊයේ (15) ඉරානයේ ඉලක්ක කිහිපයක් වෙත එල්ල කළ නවතම
ප්‍රහාර මාලාව සාර්ථක එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානය
පවසනවා.
එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානයට (CENTCOM) අනුව,
ඉරානයේ හමුදා අණදෙන මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂක පද්ධති,
මිසයිල හා ඩ්‍රෝන පහසුකම් මෙන්ම වෙරළ නිරීක්ෂණ පහසුකම්
ඉලක්ක කරමින් මෙම ප්‍රහාර එල්ල කර ඇත.
මෙම මෙහෙයුමේ අරමුණ වූයේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of
Hormuz) හරහා ගමන් කරන නාවික ගමනාගමනයට තර්ජනයක් එල්ල
කිරීමේ ඉරානයේ හැකියාව දුර්වල කිරීම බවද CENTCOM සඳහන් කළා.
එමෙන්ම, බන්දාර් අබ්බාස් (Bandar Abbas) ඇතුළු ස්ථාන කිහිපයක
පිහිටි ඉලක්ක වෙතද ප්‍රහාර එල්ල කළ බව CENTCOM නිවේදනය
කළා.
ඊයේ (15) දිනයේ මිනිත්තු 90 ක් පුරා පැවති තවත් මෙහෙයුමකදී ග්‍රේටර්
ටන්බ් (Greater Tunb) දූපතේ පිහිටි වෙරළාරක්ෂක සහ කෲස් මිසයිල
ස්ථානගත කොට තිබු ස්ථාන කිහිපයකටද ප්‍රහාර එල්ල කළ බව CENTCOM
වැඩිදුරටත් සඳහන් කළා.
පසුගිය දින කිහපය තුල අමරිකාව ඉරනයේ ප්‍රදේශ රැසකට ප්‍රහාර
එලල කරනු ලබුවා.

පසුගිය සතිය තුළ එක්සත් ජනපද හමුදාව ඉරානය පුරා ගුවන් ප්‍රහාර සිය ගණනක් එල්ල කර ඇති අතර, එම ප්‍රහාරවලින් අවම වශයෙන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 300 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව ඉරාන සෞඛ්‍ය බලධාරීන් පවසනවා. එක්සත් ජනපදය පවසන්නේ, යළිත් ක්‍රියාත්මක කළ නාවික අවහිර කිරීමේ (Naval Blockade) පියවර සමඟ, ඉරානයේ දකුණු වෙරළ තීරයේ සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආසන්නයේ පිහිටි හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි.