
ඇමරිකානු ගුවන් ප්‍රහාර හේතුවෙන් දකුණු ඉරානයේ අහ්වාස්
(Ahvaz) නගරයට පිහිටි බඝාඊ විශේෂිත රෝහලේ (Baghaei
Specialized Hospital) රෝගීන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු
කිරීමට සිදුවු බව ඉරාන බලධාරීන් පවසනවා.
අමරිකානු ප්‍රහාර හමුවේ බඝාඊ විශේෂිත රෝහලේ ප්‍රතිකාර
ලබමින් සිටි රෝගීන් 211 දෙනෙකු කඩිනමින් ආරක්ෂිත ස්ථාන
වෙත යොමු කිරීමට සිදුවුණා.
මෙලෙස ඉවත් කළ රෝගීන් අතර පිළිකා රෝගීන් ඇතුළු බරපතළ
තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටි පිරිසක්ද සිටින බව සඳහන්.
රෝහල් අධ්යක්ෂ රේසා බසාර් ප්‍රකාශ කළේ, ප්‍රහාර හේතුවෙන්
රෝහලේ සාමාන්‍ය සේවා පවත්වාගෙන යාමට නොහැකි වූ බවයි.

රෝහල් සේවකයෙකු විදෙස් මාධ්‍යවෙත මෙලෙස ප්‍රකාශ කළා.... "රෝහල අවට ප්‍රදේශයට දැඩි බෝම්බ ප්‍රහාර එල්ල වුණා... ඔක්සිජන් සහ වෙන්ටිලේටර් මත සිටි රෝගීන් පවා හදිසියේම ඉවත් කිරීමට සිදු වුණා.... සමහරුන් දරුවන් වඩාගෙන, තවත් සමහරුන් රෝද පුටුවල සිටියදීම රෝහලෙන් පිටතට ගෙන ගියා." මේ අතර, ඉරානයේ විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බඝාඊ මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් එය "ම්ලේච්ඡ ප්‍රහාරයක්" බව කියා සිටියා. ඔහු සිය X (පෙර Twitter) ගිණුමේ සටහනක් තබමින්.. "මෙම ප්‍රහාරය සෞඛ්‍ය සේවා ආයතනවලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් මීට පෙර එල්ල වූ චෝදනා සිහිපත් කරන බවත්, රසායනික ප්‍රතිකාර (Chemotherapy) ලබමින් සිටි රෝගීන් 211 දෙනෙකු හදිසියේ ඉවත් කිරීමට සිදු වූ බවත්ය".
මෙම චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජනපදය විසින් මේ දක්වා නිල ප්‍රතිචාරයක් නිකුත් කර නොමැත.