
පසුගිය දින හතරක කාලයක් තුල (අගෝස්තු 30 සිට සැප්තැම්බර්) එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එමෙන්ම එම ප්‍රහාරවලින් 142 දෙනෙකු තුවාල ලැබූ බවද සඳහන්.
මියගිය අය අතර කාන්තාවන් දෙදෙනෙකු හා දරුවෙකු ද වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක හොසේන් කර්මන්පූර් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම තුවාල ලැබූවන් අතර වැඩි ප්‍රමාණයක් කාන්තාවන් වන අතර
කාන්තාවන් 61 දෙනෙකු සහ ළමුන් 44 දෙනෙකු තුවාල ලාබා ඈති බව
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
"සෑම සංඛ්‍යාවක් පිටුපසම මනුෂ්‍යයෙකු සහ පවුලක් සිටී," යැයි කර්මන්පූර් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනව.