
ඊජිප්තුවේ (Egypt’s South Sinai province) සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තවත් 28 දෙනෙකු තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
තුවාල ලැබූවන් මුදාගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා ගිලන් රථ 20 ක් සිද්ධිය වූ ස්ථානයට ගොස් ඇති බව සඳහන්.
ඊජිප්තුව, මාරාන්තික මාර්ග අනතුරු බහුලව සිදුවන රටවල් අතර වේ. එරට වාර්තාවන්ට අනුව, පසුගිය වසරේ මුළු රට පුරා සිදු වූ මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 6,000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇත.
පසුගිය මාසයේදී ද ඊසානදිග ප්‍රදේශයේ සිදු වූ මාර්ග අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලද බව වාර්තා විය.