
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ආරම්භ කරන ලද යුද්ධයේ ප්‍රධාන ගැටුම්කාරී මධ්‍යස්ථානය වන හෝමුස් සමුද්‍ර සන්ධිය, තමන්ගේ නමින් නැවත නම් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර තිබෙනවා.
සිය 'Truth Social' ගිණුමෙහි සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධිය එක්සත් ජනපදයේ පාලනය යටතේ පවතින බැවින්, එහි නම 'ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය' (TRUMP STRAIT) විය යුතුද යනුවෙනි.
මෙයාකාරයෙන්ම සිය දෙවන ජනාධිපති ධුර කාලය ආරම්භයේදී, ට්‍රම්ප් මෙක්සිකෝ බොක්ක (Gulf of Mexico) 'ඇමරිකා බොක්ක' (Gulf of America) ලෙස නැවත නම් කරන බවට ප්‍රකාශ කළ අතර, එම වෙනස මෙක්සිකෝව සහ අනෙකුත් ජාත්‍යන්තර පාර්ශ්වයන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
ජාත්‍යන්තරව පිළිගත් භූගෝලීය ලක්ෂණයන්ගේ නාමයන් වෙනස් කිරීමට ට්‍රම්ප් ගත් මෙවන් උත්සාහයන් පිළිබඳව උදාහරණ කිහිපයකි.
කෙසේ නමුත් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත නම් කිරීමට වන ට්‍රම්ප්ගේ අදහස පිළිබඳව, නැවත කළ විමසීමකදී ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ තමා එසේ නොකරන බවත් එය හුදෙක් අදහසක් ම පමණක් වන බවයි.