
ඉරානයට එරෙහිව තවත් ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව සූදානම් බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක එවැනි ප්‍රහාරයක් ෙඑල්ල කළ හැකි බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
ජූලි මාසයෙන් පසුව ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ විශාලතම ප්‍රහාර හුවමාරුවෙන් පසු ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම අනතුරු ඇඟවීම සිදුවිය.
පෙරේදා ඇමෙරිකානු හමුදාව ඉරානයේ දකුණු වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට,
විශේෂයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්න ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරනු
ලැබුවා.
ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද මැද පෙරදිග ඇමෙරිකානු හමුදා කඳවුරු කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කළා.
විශේෂයෙන් බහරේනය, ඉරාකය සහ ජෝර්දානය ඇතුළු රටවල පිහිටි ඇමෙරිකානු කඳවුරු එම ප්‍රහාරවල ඉලක්ක වුණා.
ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, “අපි ඊයේ රාත්‍රියේ ඔවුන්ට දැඩි ලෙස පහර දුන්නා” යනුවෙනි.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඉරානය විසින් අලුතින් ස්ථාපිත කර තිබූ “සියලු නව උපකරණ” ප්‍රහාර මගින් විනාශ කළ බවද ඔහු පවසා තිබෙනවා.
“එය ඊයේ රාත්‍රියේ ඉතා දැඩි ප්‍රහාරයක්. අපි තවත් ප්‍රහාරයකට සූදානම්. අපට අවශ්‍ය ඕනෑම අවස්ථාවක එය සිදු කළ හැකියි,” යනුවෙන් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඇමෙරිකාව සහ ඉරානය අතර ගැටුම තවදුරටත් උත්සන්න වීමත් සමඟ මැද පෙරදිග ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය ද දැඩි වී තිබෙනවා.