
කුවේටයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අමරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසනවා.
ඉරාන හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන “සයිකා” (Saiqa) හෙවත් “අකුණු” මෙහෙයුමේ 31 වැනි අදියර ලෙස මෙම ප්‍රහාර සිදු කළ බව ඉරාන හමුදාව සඳහන් කරනවා.
කුවේට්හි අහ්මද් අල්-ජාබර් ගුවන් හමුදා කඳවුරේ චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති, උපකරණ ගබඩා සහ ප්‍රහාරක ගුවන් යානා නවතා තබන හෑන්ගර් වෙත මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ප්‍රහාර එල්ල කළ බව ඉරාන හමුදාව ප්‍රකාශ කරනවා.
ඉරාන හමුදා මහජන සම්බන්ධතා කාර්යාලය උපුටා දක්වමින් ඉරානයේ තස්නීම් (Tasnim) පුවත් සේවය වාර්තා කළේ ප්‍රහාර හේතුවෙන් අහ්මද් අල්-ජාබර් ගුවන් කඳවුරේ සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා හෑන්ගර්වලට හානි සිදුව ඇති බවයි.
එම කඳවුර කලාපයේ ඇමෙරිකානු හමුදා සඳහා මෙන්ම ගුවන් මෙහෙයුම් සහ ඔත්තු බැලීමේ කටයුතු සඳහා ද වැදගත් සහාය මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන බවද ඉරාන හමුදාව පවසනවා.
මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල්-මින්හාද් ගුවන් හමුදා කඳවුර වෙතද ප්‍රහාර එල්ල කළ බව ඉරාන හමුදාව ප්‍රකාශ කරනවා.
එහිදී හමුදා භටයින් යෙදවීම් සහ රේඩාර් පද්ධති ඉලක්ක කරගත් බවත්, විදේශීය හමුදාවන්ගේ සහාය හා ගුවන් ප්‍රවාහන කටයුතු සඳහා අල්-මින්හාද් කඳවුර වැදගත් මධ්‍යස්ථානයක් බවත් සඳහන්.
තම හමුදා සාමාජිකයන්ට මීට පෙර එල්ල වූ ප්‍රහාරවලින් සිදුවූ ජීවිත හානිවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව ඉරාන හමුදාව පවසනවා.
තවදුරටත් තම රටට ප්‍රහාර එල්ල කළහොත් ඊට “දැඩි හා විනාශකාරී” ප්‍රතිචාරයක් ලබාදෙන බවට ඉරාන හමුදාව අනතුරු අඟවා තිබෙනවා.
එම ප්‍රතිචාර අවසන් ජයග්‍රහණය ලබා ගන්නා තෙක් අඛණ්ඩව සිදු කරන බවද ඉරාන හමුදාව අවධාරණය කරනවා.