යාපනය, චුන්නාකම්, එල්ලෙයි ප්රදේශයේ පිහිටි වෙළඳසැලකට පැමිණි තරුණයින් දෙදෙනෙකු විසින් වෙළඳසැල් හිමියාට පිහියකින් ඇන ඝාතනය කොට තිබෙනවා. ඊයේ (4) මෙම වෙළඳසැලට යතුරුපැදියකින් පැමිණි අධික ලෙස බීමත්ව සිටි තරුණයින් දෙදෙනෙකු බයිට් පැකට් එකක් ඉල්ලා තිබෙනෙවා. වෙළඳසැල් හිමියා විසින් බයිට් පැකට්ටුව ලබා දුන් පසු ඊට මුදල් නොගෙවීම නිසා, වෙළඳසැල් හිමියා මුදල් ඉල්ලූ අවස්ථාවේදී තරුණයින් දෙදෙනා ඔහුට පහර දී ඇත. වෙළඳසැල් හිමියා තරුණයින්ට දොස් නැගූ අවස්ථාවේදී, එක් තරුණයෙකු ඔහු සතුව තිබූ පිහියකින් වෙළඳසැල් හිමියාට ඇන ඇති අතර, ඒ හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්වු බව සඳහන්. මියගිය පුද්ගලයා 35 හැවිරිදි සිංගාරවේල් තනාවන් බවට හඳුනාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන චුන්නාකම් පොලීසිය අදාළ ත රුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.