
හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හෝමාගම පොලීසිය පවසනවා.
අද (21) පෙරවරුවේ මෙම ගින්න හටගෙන තිබුණේ, කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක බවයි වාර්තා වූයේ.
මේ වනවිට ගින්න පාලනය කරමින් පවතින අතර, ගින්නට සිරවූ පිරිස සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මකය.
ගින්න හටගන්නා අවස්ථාවේ සේවකයින් 80කට අධික පිරිසක් එම ස්ථානයේ සිට ඇති බව සඳහන්.