
ඉන්දියන් සාගරයේ 'Banda Aceh' ආසන්නයේ රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.
අද (නොවැම්බර් 21) පස්වරුවේ සිදුව ඇති මෙම භූකම්පන තත්ත්වයෙන්, මෙරටට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
මෙරට වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂිත බව ද එම මධ්‍යස්ථානය තහවුරු කර ඇත.
