
කූඨ ලේඛන සැකසීම සම්බන්ධයෙන් සැකපිට 70 හැවිරිදි පුද්ගලයෙකු නවගමුව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (19) රාත්‍රියේ නවගමුව පොලිස් වසමේ ඉහළ බෝමිරිය ප්‍රදේශයේදී නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකරු ඉහළ කඩුවෙල,බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළා.
සැකකරු සන්තකයේ තිබී ගුවන් ගමන් බලපත්‍ර 48ක්, ව්‍යාජ අනාවරක යන්ත්‍රයක් සහ ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.