ඉන්දියාවේ ජායිපූර්හි රෝහලක ඇති වූ ගින්නකින් රෝගීන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් අට දෙනෙකු බව සඳහන්.
රෝහලේ ගබඩාවක ගින්න හටගෙන ඇති අතර විදුලි පරිපථයක සිදු වූ කාන්දුවීමක් ගින්නට හේතු වන්නට ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් මියගිය රෝගීන්ගේ පවුලේ පිරිස් රෝහල් කාර්යය මණ්ඩලයට චෝදනා එල්ල කර තිබෙනවා.
ඒ, කාර්ය මණ්ඩලය අනතුරු ඇඟවීම් නොසලකා හැර ඇති බවටයි.
අනතුර සිදුවන අවස්ථාවේදී රෝගීන් 11 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත් සඳහන්.
මේ සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ද සිය ශෝකය පළකර තිබුණා.