
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ, බොරු සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවකුට එරෙහිව පියවර ගැනීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (10) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
මෙම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි දුන් පාලිත ගමගේ නමැති සාක්ෂිකරුවකු, පොලීසියට ලබා දුන් ප්‍රකාශයට පරස්පර ලෙස සාක්ෂි ලබාදෙන බවට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයේ අවධානයට යොමු කරනු ලැබුවා.
ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සාක්ෂිකරුට එරෙහිව බොරු සාක්ෂි දීමේ චෝදනා යටතේ පියවර ගන්නා බවයි.
අනතුරුව එම සාක්ෂිකරු ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියම කළා.