වසර දෙකකට වැඩි කාලයක් ගාසා තීරයේ සිරගතව සිටි ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාම මේ වන විට ඊශ්‍රායලයට පැමිණ ඇති බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර තිබෙනවා.
ඒ, ගාසා සාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය විසින් ආරම්භ කිරීමත් සමඟයි.
මේ යටතේ පළමුව ප්‍රාණ ඇපකරුවන් හත් දෙනෙකු නිදහස් කළ අතර, මේ වන විට ඉතිරි 13 දෙනා ද නිදහස් කරැති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.
මෙම පිරිසට නිවුන් සහෝදරයන් වන සිව් සහ ගාලි බර්මන් ද අයත්.
2023 ඔක්තෝබර් 7 වන දින ප්‍රාණ ඇපකරුවන් හමාස් විසින් පැහැර ගන්නා ලදී.
නිදහස් කරන ප්‍රාණ ඇපකරුවන් වෙනුවට, ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 250 ක් සහ රැඳවියන් 1,700 කට වැඩි පිරිසක් නිදහස් කරනු ඇත. ඉන් පළමු කණ්ඩායම ඊශ්‍රායල බන්ධනාගාරවලින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊශ්‍රායලයට ගොස් සිටින, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.
ඉන්පසු ඔහු ලෝක නායකයින් සමඟ සාම සමුළුවක් සඳහා ඊජිප්තුවට පිටත්ව යනු ඇත.
ට්‍රම්ප් මීට ඉහත ගාසා තීරයේ "යුද්ධය අවසන්" බව ප්‍රකාශ කළ නමුත් විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඔහු සාම සැලැස්මේ ඊළඟ අදියර පිළිබඳ තීරණාත්මක ප්‍රශ්න මඟහැර ඇති බවයි.