
2025 වසරේ ඇති වූ දරුණු ආපදා තත්ත්වයන් හේතුවෙන් බලපෑමට ලක් වූ මෙරට පශු සම්පත් ක්ෂේත්රය යළි නඟාසිටුවීම සහ කිරි ගොවීන්ගේ ජීවනෝපාය මාර්ග යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් විශේෂ කඩිනම් ප්‍රතිසාධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය නිවේදනය කරන්නේ, ආපදාවන්ට ලක් වූ සතුන් වෙනුවෙන් දැනටමත් රජය විසින් ලබාදෙන වන්දි මුදල්වලට අමතරව මෙම නව දැවැන්ත ව්‍යාපෘතිය දියත් කරන බවයි.
මෙම කඩිනම් ප්‍රතිසාධන වැඩසටහන ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන 'ඒකාබද්ධ රුබන් සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය' (Integrated Rurban Development and Climate Resilience Project - IRDCRP) හි 'හදිසි ආපදා ප්‍රතිචාර සංරචකය' (Contingency Emergency Response Component - CERC) හරහා මූල්‍යකරණය වීමට නියමිතය.
මේ වන විට ව්‍යාපෘතියට අදාළ මූලික කටයුතු සියල්ල සාර්ථකව අවසන් කර ඇති අතර, එය කඩිනමින් බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සියලු පියවර ගෙන තිබේ.
මෙම ප්‍රතිසාධන වැඩසටහන මඟින්
සත්ත්ව ආහාර සැපයීම: කිරි ගවයන් සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ සාන්ද්‍ර ආහාර ලබාදීම.
වසංගත රෝග පාලනය: ප්‍රධාන වසංගත රෝගවලින් සතුන් ආරක්ෂා කරගැනීම සඳහා කඩිනම් එන්නත්කරණ වැඩසටහන් සිදු කිරීම.
සත්ත්ව සුභසාධනය හා සෞඛ්‍යය: සත්ත්ව සුභසාධනය තහවුරු කරමින් ගවගාල් ඉදිකිරීම සහ ජංගම පශු වෛද්‍ය කඳවුරු අඛණ්ඩව පැවැත්වීම.
යටිතල පහසුකම් යළි සංවර්ධනය: ආපදාවලින් හානියට පත් වූ ගොවිපළවල් සහ කිරි නිෂ්පාදන යටිතල පහසුකම් යළි සංවර්ධනය කිරීම.
ආහාර පද්ධති ශක්තිමත් කිරීම: තෘණබිම් සංවර්ධනය සහ සත්ත්ව ආහාර සැපයුම් පද්ධති වඩාත් විධිමත් හා ශක්තිමත් කිරීම.
ජානමය දියුණුව: උසස් ජානමය තත්ත්වයෙන් යුත් කිරි ගව පරපුරක් බිහිකිරීම, අරමුණු කරගත් විශේෂ අභිජනන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය සිදු කිරමට නියමිත අතර මෙම වැඩසටහන හරහා ආපදාවට ලක් වූ පශු සම්පත් ගොවීන්ගේ ජීවනෝපාය මාර්ග යළි ස්ථාවර කිරීම, දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ රටේ සමස්ත ආහාර සුරක්ෂිතතාව තවදුරටත් ශක්තිමත් කිරීම රජයේ මූලික අපේක්ෂාව වී ඇත.