
මේ දිනවල වඩාත් කතාබහට ලක්වන නෙට්ෆ්ලික්ස් (Netflix) තරුව මෛත්‍රී රාමක්‍රිෂ්ණන්, ඉතා දක්ෂ නිළියක් බවත් අවස්ථාවක් ලැබුණහොත් තමන් ඇයව සිය චිත්‍රපටයකට සම්බන්ධ කරගන්නා බවත් ප්‍රකට නිර්මාණකරුවකු වන අශෝක හඳගම පවසනවා.
ඔහු සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින් මේ බව සඳහන් කර තිබේ.
මෛත්‍රී රාමක්‍රිෂ්ණන් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්රයේ ඉහළ අවධානයක් දිනාගනු ලැබුවේ, නෙට්ෆ්ලික්ස් (Netflix) හි අතිශය ජනප්‍රියත්වයට පත් ‘Never Have I Ever’ කතාමාලාව ඔස්සේයි.
ඇයගේ නවතම සිනමාපටය වන ‘Best of the Best’ පසුගියදා නිකුත් වීමත් සමඟ ඇය ප්‍රකාශ කරන ඇයගේ සංස්කෘතික අනන්‍යතාව පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
ඒ, ඇය නව චිත්‍රපටයේ ප්රචාරක කටයුතු සමඟ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ අදහස් කිහිපයක් පදනම් කරගනිමිනි.
ඇය සඳහන් කර තිබුණේ තමන් උපතින් කැනේඩියානු ජාතිකයෙකු බවත්, තම මව්පියන්ගේ උරුමය ඔස්සේ තමන් 'දෙමළ කැනේඩියානු' (Tamil-Canadian) සහ 'ඊ#ම් දෙමළ' සංස්කෘතික අනන්‍යතාව වැළඳගන්නා බවයි.
ඇයගේ දෙමාපියන් මෙරට පැවති යුද වාතාවරණය හමුවේ කැනඩාවට සංක්රමණයව ඇති අතර, තමන් හැදී වැඩුණු පරිසරය සහ අත්දැකීම් මෙම අනන්‍යතාවට පදනම් වූ බව රාමක්‍රිෂ්ණන් සඳහන් කරයි.
එම කතාබහ පදනම් කරගනිමින් ඇතැම් පිරිසක් විවේචනාත්මකව ද තවත් පිරිසක් ඇයගේ අයිතීන් පිළිබඳව ද අදහස් දක්වනු දැකිය හැකිය. ඒ අතර රාමක්රිෂ්ණන්ට එරෙහිව වන දැඩි විරෝධයක් කැපී පෙණින.
එලෙස ඇය සම්බන්ධයෙන් පළවන අදහස් දැක්වීම් අතර, අශෝක හඳගමයන් සිය සටහන තුළින් පෙන්වා දෙන්නේ යුද්ධය හෝ වෙනත් හේතූන් මත ලොව පුරා සංක්‍රමණය වූ පුද්ගලයන්ගේ බොහෝ දරුවන් අනන්‍යතා ප්‍රශ්නයකට මුහුණදෙන බවත් මෛත්‍රී රාමක්‍රිෂ්ණන් වැන්නවුන් සම්බන්ධයෙන් එය වඩාත් සංකීර්ණ වන බවයි.
"මම අයිති කොතැනටද? මම දැන් ජීවත් වන රටටද, නැතහොත් මගේ දෙමාපියන් පැමිණි රටටද?" යන්න එවැනි දරුවන් මුහුණදෙන ප්‍රශ්නයක් බව ඔහු සිය සටහනින් පෙන්වාදී තිබේ....''
අශෝක හඳගමයන් තබන ලද සටහනෙහි සිංහල පරිවර්තනය පහත පරිදි වේ.
''ඊයේ මම Netflix හි තිබෙන ‘Best of the Best’ චිත්‍රපටය නැරඹුවෙමි. එය ඉතා සුන්දර යොවුන් (teenage) චිත්‍රපටයකි. එහි රඟපාන සියලුම තරුණ නළුවෝ සහ නිළියෝ සැබැවින්ම දක්ෂ අතර, ඔවුන් ඉතා ලස්සනට සහජයෙන් ම රංගනයේ යෙදෙති. ඔවුන් දෙස බලා සිටීම පවා මහත් ප්‍රීතියකි.
එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකක් තිබේ. ඒ අංජලී සහ මායා ය. මායාගේ චරිතය නිරූපණය කරන්නේ මෛත්‍රී රාමක්‍රිෂ්ණන් (Maitreyi Ramakrishnan) නමැති ඉතා ආකර්ෂණීය සහ ආදරණීය තරුණ නිළියයි. සම්මුඛ සාකච්ඡාවකදී ඇය තමන්ගේ ජාතික අනන්‍යතාව "දෙමළ ඊ#ම්" ලෙස විස්තර කිරීම නිසා, අපගේ ෆේස්බුක් අවකාශයේ ඇතැම් පිරිස් කලබල වී ඇති බවක් පෙනෙන්නට තිබේ.
යුද්ධය නිසා ඇගේ දෙමාපියන් කැනඩාවට සංක්‍රමණය වූ බැවින්, ඔවුන් විදේශගත දෙමළ ජනගහනයේ (diaspora) කොටසකි. මෛත්‍රී රාමක්‍රිෂ්ණන් උපන්නේ කැනඩාවේ වන අතර, නිල වශයෙන් ඇය කැනේඩියානු ජාතිකයෙකි. (ChatGPT ඇයව විස්තර කරන්නේ ශ්‍රී ලාංකේය දෙමළ වංශයකින් පැවත එන්නියක ලෙසයි.)
යුද්ධය හෝ වෙනත් හේතූන් මත ලොව පුරා සංක්‍රමණය වූ පුද්ගලයන්ගේ බොහෝ දරුවන්ට මුහුණ දීමට සිදු වන ප්‍රශ්නයක් තිබේ: "මම අයිති කොතැනටද? මම දැන් ජීවත් වන රටටද, නැතහොත් මගේ දෙමාපියන් පැමිණි රටටද?"
ඇතැම් පිරිස් තමන්ගේ නිල ජාතිකත්වය ඒ අයුරින්ම පිළිගෙන, එම ප්රශ්නය ගැන වැඩිපුර නොසිතා තමන්ගේ ජීවිත ඉදිරියට ගෙන යති. නමුත් මෛත්‍රී රාමක්‍රිෂ්ණන් වැනි ප්‍රසිද්ධ චරිතයක් වන අයෙකුට, අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්න ඇතැම් විට සංකීර්ණ විය හැකිය.
ඇය දෙමළ භාෂාව කතා නොකළ ද, තමන් දෙමළ ජාතිකයෙකු ලෙස හඳුන්වා දෙයි. ඇගේ පෙනුමෙන් දකුණු ආසියානු උරුමය පිළිඹිබු වේ. ඇගේ දෙමාපියන්ට ශ්‍රී ලංකාවේ ජීවත් වීමට නොහැකි වූ නිසා ඔවුන් රට හැර ගිය අතර, ඇය හැදී වැඩුණේ රට ගැන සහ ඇගේ පවුලේ අතීතය පිළිබඳ කතාන්දර අසමිනි. සමහර විට, එම කතා සහ අත්දැකීම් පදනම් කරගෙන, ඇය තමාගේම වූ අනන්‍යතාව පිළිබඳ හැඟීමක් ගොඩනඟාගෙන තිබෙන්නට පුළුවන.
එය ඇගේ අයිතියකි. එසේ නම් එයින් අප කලබල විය යුත්තේ ඇයි?
මට කවදා හෝ අවස්ථාවක් ලැබුණහොත්, මම ඇයව මගේ චිත්‍රපටයකට සම්බන්ධ කර ගනිමි. ඇය ඉතා දක්ෂ නිළියකි.''
උපුටාගැනීමයි ;
''Yesterday I watched Best of the Best on Netflix. It’s such a lovely teenage film. All the young actors in it are really good, and they all act so naturally and beautifully. They’re a real pleasure to watch.
There are two main characters in the film, Anjali and Maya. Maya is played by Maitreyi Ramakrishnan, a very charming and adorable young actress. Some people on our Facebook seem to be getting worked up because, in an interview, she described her national identity as “Tamil Eelam.”
Her parents migrated to Canada because of the war, so they are part of the diaspora. Maitreyi was born in Canada and is, officially, a Canadian. (ChatGPT describes her as being of Sri Lankan Tamil descent.)
This is something that many children of people who have migrated around the world because of war or other circumstances have to grapple with: Where do I belong? Do I belong to the country where I live now, or to the country my parents came from?
Some people simply accept their official nationality and get on with their lives without giving the question much thought. But for someone like Maitreyi, who is a public figure, questions of identity can sometimes become complicated.
She identifies as Tamil, even though she doesn’t speak Tamil. Her appearance reflects her South Asian heritage. Her parents left Sri Lanka because they could not live there, and she grew up hearing stories about the country and her family’s past. Perhaps, based on those stories and experiences, she has developed her own sense of identity.
That’s her right. So why should it bother us?
If I ever had the chance, I’d cast her in one of my films. She’s a very talented actress. ''
උපුටාගැනීම අවසන්....
