
සෙනෙගාල වෙරළට ඔබ්බෙන් සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ගිලී යාමෙන් පුද්ගලයින් 34 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
අනතුරින් එක් පුද්ගලයෙකු බේරාගෙන ඇති නමුත්, අතුරුදන් වූ සංඛ්‍යාව තවමත් තහවුරු කර නොමැති බව සඳහන්.
මෙම කුඩා යාත්‍රාව ස්පාඤ්ඤයේ කැනරි දූපත් (Canary Islands) බලා ගමන් කරමින් තිබියදී අගනුවර වන ඩකාර් (Dakar) සහ උතුරු නගරයක් වන සෙන්ට්-ලුවිස් (Saint-Louis) අතරදී පෙරළී ගොස් ඇති බව වාර්තා වේ.
ස්පාඤ්ඤ සංක්‍රමණික අයිතිවාසිකම් සංවිධානයක් වන 'Walking Borders' වාර්තා කරන්නේ 2026 ජනවාරි සහ මැයි අතර කාලය තුළ කැනරි දූපත් වෙත යන අත්ලාන්තික් මාර්ගයේ සිදුවූ මරණ 635 ක් වාර්තා වී ඇති බවයි.