දින කිහිපයක සිට පැවති අධික වර්ෂාව හමුවේ උද්ගත ගංවතුර හේතුවෙන්, මෙක්සිකෝවේ අවම වශයෙන් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
'Priscilla' සහ 'Raymond' ලෙස නම් කර ඇති නිවර්තන කුණාටු හමුවේ, මෙක්සිකෝව දැඩිව පීඩාවිඳින අතර ප්‍රාන්ත පහක් පුරා නායයෑම් සහ ගංවතුර පවතින බව සඳහන්.
ඒ අනුව ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම්ගේ අනුදැනුම යටතේ, බලපෑමට ලක් වූ නගර 139 කට සහාය වීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් පිටත් කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.